ව/ඉ/රිදී/ශ්‍රී ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය

මොරතිහ

ව/ඉ/රිදී/ශ්‍රී ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

4P4A3811.webp
4P4A3815_3000x2000.webp
4P4A3816_3000x2000.webp
4P4A3786_1_3000x2000.webp

 

මූලික හැදින්වීම හා පාසල් ඉතිහාසය

 

කවිසිගමුව ශ්‍රි සුදර්මාරාමාධිපති හුණුපොල සරණතිස්ස මාහිමිපාණන් විසින් ක්‍රි.ව. 1939 දී සිසුන් 17 දෙනෙකුගෙන් යුත් කුඩා පාසලක් එම විහාරස්ථ භූමියේ ආරම්භ කරන ලදි. අමතරව තරමක දියුණුවක් ලද මෙම පන්සල් පාසල ක්‍රි.ව 1943 දි සිසු සිසුවියන් 58 දෙනෙකුගෙන් යුතුව කොළඹ සිමා රජයට පවරා ගන්නා තෙක් අනුක්‍රමික දියුණුවක් ලද ද්විතීයික පාසලක් වු මෙය ප්‍රදේශය තුල නමක් ගත් විද්‍යා ස්ථානයක් බවට පත් විය. සංගමයේ පාලන  කාලය තුල දෙමළ  මාධ්‍යයෙන් ඉගෙනුම ලැබු ද්‍රවිඩ සිසුන් සීයකට ආසන්න පිරිසක් මෙහි ඉගෙනුම ලැබුහ. වෘත්තීය විෂයක් ලෙස හස්ත කර්මාන්තය ( ලී වැඩ) විෂය මාලාවට ඇතුල් වු ප්‍රදේශයේ ප්‍රථම පාසලද මෙය විය.

                  ආධාර ලබන පාසලක් ලෙස මෙය මෙම කාලය තුල ඉදිරියට ගිය මෙහි දියුණුවට හුදෙක් ආදී කතෘ නාහිමියන්ගේ සහ පාඨශාලා සාමාන්‍යධිකාරි ඩී.එල්.ඒ.පේද්‍රිස් මැතිතුමාගේ අවංක නොමසුරු අනුග්‍රහය නිසාම සිදුවුවක් බව මෙහිදී සදහන් කරණුයේ ඉමහත් ප්‍රිතියෙනි.

                  ක්‍රි.ව.1964 පෙබරවාරි 01 දින සිට ප්‍රථම විදුහල්පති වුයේ එල්.බි.කන්දේපොල මුල්ගුරු මහතාය. ක්‍රි.ව.1964.05. 01 දින සිට සේවයට පැමිණි විදුහල්පතිවරයාගේ දිගුකාලින සේවා කාලය තුලදි ප්‍රමාණාත්මක හා ගුණාත්මක දියුණුවක් ඇතිවිය.

                  ක්‍රි.ව.1966 දි අ.පො.ස(උ.පෙළ) පන්ති ආරම්භ කරන ලද ප්‍රථම විදුහල්පති වුයේ එල්.බි.කන්දේපොල මුල්ගුරු මහතාගේ සිට පිළිවෙලින් පැමිණි1964.03.01 කිත්සිරි සුමනසිංහ මහතා,1967.01.01 එච්.එම්.ටි.බණ්ඩා මහතා,1975-1978 පි.කන්දේපොළ මහතාත්,1978-1985 කිත්සිරි සුමනසිංහ මහතා, 1985 නෙල්සන් ආරියවංශ මහතා,ඩි.බි.සි.බස්නායක මහතාත් සහ නිමල් විජේබාහු මහතා,2002-2011 නෙල්සන් ආරියවංශ මහතා,2011 බි.එම්.සී.බස්නායක මහතාත් සහ 2011 සිට 2020 දක්වා විදුහල්පති ඩබ්.ඩි.එස්.රත්නායක මහතා ද 2020 මේ දක්වා

ඩී.එම්.ආර්.බි.දිසානායක මහතාද වශයෙන් විදුහල්පතිවරු ගණනාවක ගේ සේවයෙන් මෙම පාසල පෝෂණය වී ඇතිබව ඉතාමත් සතුටින් පැවැසිය හැකිය.