ව/ඉ/රිදී/ශ්‍රී ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය

මොරතිහ

ව/ඉ/රිදී/ශ්‍රී ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය

නිර්මාතෘවරු

Children's Day Celebration

4P4A3811.webp
4P4A3815_3000x2000.webp
4P4A3816_3000x2000.webp
4P4A3786_1_3000x2000.webp

1938 ඔක්තෝබර් මස 17 වන දින හුණුපොළ ශ්‍රී සරණතිස්ස මා හිමි විසින් එහිමියන්ගේ ධ්‍යීර්‍යයෙන් ගොඩනැගුණු කවිසිගමුව මධ්‍ය මහා විද්‍යාලය සිසුන් 17 දෙනෙක්ගෙන් ආරම්භ විය. එය 1943 වර්ෂයේදී තරුණ අභිවෘද්ධි සාධක සගමයේ නිර්මාතෘ හෙන්රි පේදිරිස් මැතිතුමාගේ අනුග්‍රහය යටතේ නව නැම්මකට, නව ආරකට යොමු විය. 1958 වර්ෂයේදී උපත පාසලක් හැටියට කවිසිගමුව විද්‍යාලය රජයට අත්පත් කරගත් අතර එතැන් පටන් රජයෙන් වැටුප් ගෙව රජයේ පාසලක් ලෙස ආරම්භ විය. 

1964 වර්ෂයේදී මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පරිවර්තනය විය. එහිදී හිටපු අද්‍යාපන අමාත්‍ය ගරු P.V.G. කලුගල්ල මැතිතුමා විසින් ආරම්භ කළ මහා විද්‍යාල සංකල්පය යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකින්ම තෝරාගත් විද්‍යාලයක් මහා විද්‍යාලයක් බවට පත් කරගෙන උසස් පෙළ කලා විෂයන් පමණක් ක්‍රියාත්මක වෙන්න තීරණය කළ අතර ඒ අනුව කලා විෂයන් වලින් ඊළගට වාණිජ විෂයන් වලට අවතීර්ණ විය. 

1970, 1977 වර්ෂ තුළ අක්කර තුන් කාලක් පමණ තිබිච්ච මේ විදුහලට පාරෙන් එහා පස කොටසේ, එහෙමත් නැත්නම් කැප්පිටිගල පාර ආසන්නයේ, කැප්පෙටිගල පාරට මුහුණලා අක්කර 2ක් අත්පත් කර ගැනීමට හිටපු සමරපාල විජේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා උදව් කර තිබේ. 

 

- උපුටා ගැනීමකි -